www.lankadeepa.lk මනම්පිටිය මාගංතොට ප‍්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදුකිරීමට තැත්කළ බව කියන අයෙකු පොලොන්නරුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 වෙනි දින දක්වා රිමාන්ඞ් බන්‍ධනාගාර ගතකරන ලෙසට පොලොන්නරුව මහේස්ත‍්‍රාත් අසේලද සිල්වා මහතා අද(23) නියෝග කලේය. April 23, 2020 at 02:38PM

www.lankadeepa.lk ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ බිරිඳ වන සවිතා කෝවින්ද් මහත්මිය ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා මර්දනට සටනට එක්වෙමින් මුඛ ආවරණ මැසීම ආරම්භ කර ඇත. April 23, 2020 at 02:08PM

www.lankadeepa.lk පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයට සිදු කළ පීසීආර් පරීක්ෂණයෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝග ලක්ෂණයක් පහළ නොවීම හේතුවෙන් එය විවෘත කර සුපුරුදු සේවාවන් සිදු කරන ලෙස අද (23) ලිඛිතව දැනුම් දුන් බව මහරගම සෞඛ්‍ය සේවා නිලධාරීනී වෛද්‍ය රිෂිනි මාරසිංහ මහත්මිය පැවසුවාය. April 23, 2020 at 01:38PM

www.lankadeepa.lk ගෙවුනු පැය 24 තුල ඇඳිරි නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 687 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 186 පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. April 23, 2020 at 01:38PM

www.lankadeepa.lk කොවිඩ්-19 වයිරසය විසින් ලෝකය එක තැන නතර කළ දා පටන් ඔබේ ජීවිතය වෙනස් වී ඇති ආකාරය මොහොතක් කල්පනා කර බලන්න.. April 23, 2020 at 01:38PM

www.lankadeepa.lk කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අවස්ථාවේ දී ගෙවීම් තත්ත්වයන් නොසලකා සියලුම විදුලි සංදේශ සේවාවන් සඳහා ගෙවීම් කාලය දීර්ඝ කිරීමට සියලු ක්‍රියාකරුවන් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. April 23, 2020 at 12:38PM

www.lankadeepa.lk කොරෝනා ආසාදිත රෝගියෙකු සොයාගැනීමෙන් පසුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 12 ක් හුදෙකලා කිරීමට පියවර නගත් බව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය. April 23, 2020 at 12:08PM

www.lankadeepa.lk අධික ලෙස ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ජංගම රථ මගින් වැඩි මිලට ද්‍රව්‍ය අලෙවි කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට, පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය මෙහෙයුම් අරඹා ඇත. April 23, 2020 at 11:38AM

www.lankadeepa.lk ගල්ඔය ජාතික වනෝද්‍යානයට ඊයේ (22) වැටලීමකට ගොස් සිටි වනජීවී නිලධාරීන් පිරිසක් දඩයමේ ගොස් සිටි හතර දෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එක් දඩයක්කරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් වනජීවී අඩවි ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි. April 23, 2020 at 11:08AM