පොලිස් නිලධාරීන් බව අඟවා කප්පම් ඉල්ලූ කල්ලියක් අල්ලයි

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසමින් බලපිටියේ පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලූ පොලිස් ස්ථානාධිපතිවරයෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු 5 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (18) පස්වරුවේදී බලපිටියේ දි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අහුන්ගල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 
