මෝදි මේ තැනට ආවේ ශ්රී ලංකාවේ වරදින් නොවේද?

ශ්රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ඉන්දියාවට තිබෙන කැක්කුමට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මේ අයිතිවාසිකම් සහ කැක්කුම දෙරටේම ජාතික දේශපාලනය තුළ සුප්රකට, එසේම ඉහළ ඉල්ලුමක් ඇති රසවත් කටගැස්මකි. ලංකාවේ නම් ජාතික මැතිවරණ තුළද ඉන්දියාවේ නම් ප්රාන්ත මැතිවරණවලද අතදිග හැර මාකට් කළ හැකි මාතෘකාවකි. 
