මිනුවන්ගොඩ පැරණි වෙළෙඳ සංකීර්ණය වහයි

මිනුවන්ගොඩ නගරයේ පිහිටි පැරණි වෙළද සංකීර්ණයේ වෙලදසැල් කිහිපයක හිමිකරුවන් සහ සේවික සේවිකාවන් 10 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම වෙලදසැල් සංකීර්ණයේ සියලු වෙලදසැල් වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්යය පරික්ෂක අනුර රන්දෙණිය මහතා අද (29) පැවසීය . 
